ජාත්‍යන්තර සුනාමි ආපදා දැනුම්වත් කිරීමේ දිනයට සමගාමීව “සුනාමි ආපදා පෙරහුරු ජාතික වැඩසටහන” දිවයින පුරා දිස්ත්‍රික්ක 14ක අද (05) පැවැත් වෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණයෙන් සියලු පාර්ශ්වකාර ආයතනවල සහභාගිත්වයෙන් මෙම පෙරහුරු වැඩසටහන ක්‍රියාත්මකයි.
රටවල් 28ක සහභාගිත්වයෙන් සිදුකරන ලබන මෙම සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන මඟින් විවිධ ක්‍රම 15ක් ඔස්සේ ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කරන අතර, මෙම පෙරහුරුව සිදුකරන ආකාරය ජාත්‍යන්තර නිරීක්ෂණකන් විසින් නීරීක්ෂණය කිරීම ද විශේෂත්වයක්.
මෙම පෙරහුරු වැඩසටහනේ ප්‍රධාන පෙරහුරු අභ්‍යාසය කළුතර දිස්ත්‍රික්කයේ පෙරවරු 8.30ට ආරම්භ වනවා.
මේ අතර මෙය හුදෙක් පෙරහුරු අභ්‍යාසයක් වන අතර, මේ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමටත් කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම සුනාමි ආපදාවක් යැයි කිසිදු ආකාරයක අනියත බියක් ඇති කර ගතයුතු නැති අතර, සුනාමි ආපදා පෙරහුරු ජාතික වැඩසටහනට ජනතාවගේ සහයෝගය ද අපේක්ෂා කෙරෙනවා.





