සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවට අදාළ සැකකරු රිමාන්ඩ්

කොළඹ කොටුව, ගාලූ මුවදොර ප්‍රදේශයේදී පුද්ගලයෙක්ට පිරිසක් විසින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් පසුගිය දින කිහිපයේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

එම වීඩියෝ දර්ශණය සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය මඟින් සිදුකළ විමර්ශනයේදී පුද්ගලික මගී ප්‍රවාහන සේවයට අයත් බස් රථයක කොන්දොස්තරවරයෙක් සහ තවත් පුද්ගලයෙකු විසින් බස් රථයේ ගමන් ගන්නා ලද මගියෙක්ට ටිකට් පතට අදාළ මුදල සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙසේ පොල්ලකින් පහරදීම සිදු කර ඇති බවට අනාවරණය වී තිබෙනවා .

ඒ අනුව, ඊයේ (03) දින කොටුව බස් නැවතුම්පොලේදී කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම පහරදීම සම්බන්ධව සැකකරුවක් වන අදාළ බස් රථයේ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 35 ක් වන පානදුර තිරිබේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ
.
සැකකරු අද (04) වන අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොටුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
12
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාම පා ගමන නිල වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වුණ අයුරු
01:26
Video thumbnail
සාම පා ගමන නිල වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වුණ අයුරු..කොහොමද දෙන ආරක්ෂාව
02:07
Video thumbnail
ගල් අඟුරු විමර්ශනයට ගම්මන්පිල බයවෙයි - ජනපතිගෙන් ඉල්ලීමකුත් කරයි
02:48
Video thumbnail
ලාල් කාන්තට වැඩ වරදියි - හිරේ යන්නත් පුළුවන්
07:17
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:15:16
Video thumbnail
ජයකොඩි ඉල්ලා අස්වුණු හේතුව ගම්මන්පිල හෙළිකරයි
12:07
Video thumbnail
කාදිනල්ගේ කතාවට ගම්මන්පිල උත්තර දෙයි
11:10
Video thumbnail
ස#රාන්ව වෙන කෙනෙක් මෙහෙයවලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි
04:31
Video thumbnail
තවදුරටත් පාස්කු ප්‍රහාරය ගැන හොයන එකෙන් පලක් නෑ
04:53
Video thumbnail
අපි කෝච්ච ගෞරවයකින් ද මල් පූජා කරන්න ඒත් මේ..
00:33