ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයා ඇතුළු පුද්ගලයන් සිව්දෙනාට ඇප

දුෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (4) නියෝග කළා.

එක් සැකකරුවක්ට ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා.

සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද නියෝග කළා.

සිද්ධියට අදාළ සැකකරු අල්ලස් කොමිසම විසින් අද (04) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

2020 වර්ෂයේ දී ලංකා ධීවර සංස්ථාව වෙත, පැයකට මාළු කිලෝ 2000 ක් වැකුම් කර ඇසුරුම් කළ හැකි තරම් ඉහළ ධාරිතාවයකින් යුතු මාළු වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා අවශ්‍යතාවයක් නොමැති අවස්ථාවක ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව එවැනි ධාරිතාවයකින් යුතු වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් එම ආයතනයට මිළදී ගැනීමෙන් රජයට රු. 5,856,116,00 ක පාඩුවක් සිදුකර දුෂණයක් සිදු කිරීමේ චෝදනාවක් සම්බන්ධව මෙම සැකකරුවන්ට චෝදනා යටතේ නඩු පවරා තිබුණා.

එසේ ඇපමත මුදා හරිනු ලැබුවේ ලංකා ධිවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙක් වූ කළුවඩන වලව්වේ ලලිත් දවුලගල, කළමණාකාර අධ්‍යක්ෂවරයෙක් වූ රත්නවීර පටබැඳිගේ වන්දන ක්‍රිෂාන්ත, සැපයුම් කළමණාකරුවෙකු වූ කුරුන්දුව හේවගේ විජිත් පුෂ්ප කුමාර මෙහෙයුම් කළමණාකරුවෙක් (වැඩ බලන මුදල් කළමණාකරු) වූ ජයසුන්දර මුදියන්සේලාගේ අනුර චන්ද්‍රසේන බංඩාර යන අයවලුන් වනවා.

අද (4) වන දින ප.ව. 2.30 පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

එසේම, ඉහත ක්‍රියාවලියටම අදාළව සැපයුම් කළමණාකරු වශයෙන් කටයුතු කරමින් එකී මිළදී ගැනීම වෙනුවෙන් සැපයුම්කාර සමාගම වන යුරෝමෙට් ෆුද්ධටෙක් පුද්ගලික ආයතනය වෙත ගෙවිය යුතුව තිබූ රු 928,058.20 ක මුදලින් කොටසක් එම ආයතනයට මුදා හැරීම සිදුකර දීම වෙනුවෙන් අල්ලස් ඉල්ලීම හා අල්ලස් වශයෙන් රු. 100,000.00 ක මුදලක් තම පුද්ගලික ගිණුම් වෙත බැර කරවා ගැනීම තුළින් තුටු පඬුරක් ඉල්ලීම හා තුටු පඬුර භාර ගැනීම යන චෝදනාවට අදාළව ද ඉහත කුරුන්දුව හේවගේ විජිත් පුෂ්ප කුමාර (සැපයුම් කළමණාකරු) අත්අඩංගුවට ගත් බවද විමර්ශන නිලධාරීන් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර 42 කට පසු කලාවැවේ ජල කාන්දුව වසන්න සුසිල් යයි
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් උඩට පයිනස් ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:33
Video thumbnail
අවු:76ක සා#ඵය ගැන රාජිත ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි..මේක සා#ඵයක්ද ?
11:18
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන රාජිත කළ ප්‍රබල හෙළිදරව්ව - ස##න්ලා මැ#න්නේ නෑ ගෝඨාභයලා බලයට ගේන්න
05:49
Video thumbnail
රනිල් - අනුර අතර සාකච්ඡාවක් තිබුණද ? - රනිල් අනුරට ගොඩක් උදව් කළා
02:07
Video thumbnail
ඉස්සර නාමල්ට වඩා දැන් නාමල් හරි පරිණතයි..මහින්ද කරපු දේම කරන්නේ - නාමල් ගැන හොඳ කිව්ව රාජිත
03:02
Video thumbnail
මරික්කාර්ගේ ප්‍රකාශයට රාජිතගෙන් සැර කතාවක් - මං රටේ කුඩාම පක්ෂයේ ඉදලා දන්නවා
10:57
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:36:43
Video thumbnail
රනිල් ළඟ ඉන්න අයම එයා ගැන දන්නේ නෑනේ - පාර්ලිමේන්තු පැමිණීම ගැන කවියකින්ම කිව්ව රාජිත
03:47
Video thumbnail
රනිල් ගත්ත ණය ගැන කියද්දි රාජිතට යකා නගියි - ණය ගන්න එක කිසිම වැරැද්දක් නෙවෙයි
04:26