ඇප ලැබුණු චරිත රත්වත්තට විදෙස් ගමන් තහනමක්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ජ්‍යෙෂ්ඨ උප‌දේශකයක් වශයෙන් සිටියදී නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව තාවකාලික වී ගබඩා 50 ක් ආනයනය කර රජයට කෝටි 9 ක පාඩුවක් කළැයි කියන‍ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජයම්පති චරිත රත්වත්ත ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (4) නියෝග කළා.

අදාල සැකකරුට ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප 2ක් මත මුදා හැරීමට එහිදී අධිකරණය නියෝගකර තිබෙනවා.

එමෙන්ම සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසටද අධිකරණයෙන් නියමකර තිබුණා.

පස්වරු 3.15 ට අධිකරණ පරිශ්‍රය තුළදි විදුලිය විසන්ධි වු අතර එම නිසා නඩුව මහේස්ත්‍රාත්වරයා විසින් පස්වරු 4.33 ට පමණ නිලමැදිරියේදී කැඳවනු ලැබුවා.

මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් චරිත රත්වත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (4) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.

නියමිත ක්‍රියා පටිපාටියෙන් බැහැරව හා කිසිදු අවශ්‍යතාවකින් තොරව, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා රුපියල් කෝටි 09 කට අධික මුදලක් වැය කර, 2015 වසරේදී තාවකාලික වී ගබඩා 50 ක් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව සිදුවන විමර්ශනයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.

අල්ලස් කොමිසම බී වාර්තාවක් ගොනු කරමින් සඳහන් කර සිටියේ, සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙත භාණ්ඩ හා සේවා මිළදී ගැනීමේදී අනුගමනය කළ යුතු නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් 2015 වර්ෂයේදී සංස්ථාව වෙත කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව කොකුන් වී ගබඩා (තාවකාලික ගබඩා) 50 ක් ආනයනය කිරීම මගින් සංස්ථාවට එනම් රජයට රු. 99,679,799.70 ක පාඩුවක් හා එම මුදලේ වටිනාකමට සමාන වාසියක් බාහිර පාර්ශ්ව වෙත සලසාදීම යන චෝදනාවන් හේතුවෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

2015 දී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය දැරූ කාලය තුළදී, චරිත රත්වත්ත ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙසද කටයුතු කර තිබෙන බව ද අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුවා.

මෙම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා පසුගිය සිකුරාදා ඇප මත මුදා හැර තිබුණා.

නඩුව ලබන ජනවාරි 23 වැනිදා නැවත කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාම පා ගමන නිල වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වුණ අයුරු
01:26
Video thumbnail
සාම පා ගමන නිල වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වුණ අයුරු..කොහොමද දෙන ආරක්ෂාව
02:07
Video thumbnail
ගල් අඟුරු විමර්ශනයට ගම්මන්පිල බයවෙයි - ජනපතිගෙන් ඉල්ලීමකුත් කරයි
02:48
Video thumbnail
ලාල් කාන්තට වැඩ වරදියි - හිරේ යන්නත් පුළුවන්
07:17
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:15:16
Video thumbnail
ජයකොඩි ඉල්ලා අස්වුණු හේතුව ගම්මන්පිල හෙළිකරයි
12:07
Video thumbnail
කාදිනල්ගේ කතාවට ගම්මන්පිල උත්තර දෙයි
11:10
Video thumbnail
ස#රාන්ව වෙන කෙනෙක් මෙහෙයවලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි
04:31
Video thumbnail
තවදුරටත් පාස්කු ප්‍රහාරය ගැන හොයන එකෙන් පලක් නෑ
04:53
Video thumbnail
අපි කෝච්ච ගෞරවයකින් ද මල් පූජා කරන්න ඒත් මේ..
00:33