අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් සහ ජනපති අතර හමුවක්

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි වතිකානුවේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන්, ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවුණා.

අද (04) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම හමුව සිදුව තිබෙනවා.

රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට රජය ගන්නා උත්සාහය මෙහිදී අගය කළ උන්වහන්සේ, ආර්ථික ස්ථායීකරණයට මෙන්ම ජාතික සමගිය වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දරණ උත්සාහයන්ට වතිකානුවේ සහාය හිමි වන බවද ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ වතිකානුව අතර අඩ සියවසක රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙරටට බොහෝ ප්‍රතිලාභ අත්කර දී ඇති බවත්, එය අධ්‍යාත්මික වශයෙන් පමණක් නොව, රට තුළ මානව ගරුත්වය ප්‍රවර්ධනය කිරීමෙහිදී ද ඉතා වැදගත් වූ බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා වෙනුවෙන් කෘතඥතාව පළ කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?