විශේෂ කාර්ය බලකාය යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි ප්‍රධාන කඳවුරු 76ක්, උප කඳවුරු 23 ක් සහ විශේෂ ඒකක 14ක් ක්‍රියාත්මක වන අතර එම බලකාය වෙත පැවරී ඇති රාජකාරි ඉටු කිරීම සඳහා දැනට පවතින යතුරු පැදි 314 න් 90%ක් පමණ වසර 10 කට වඩා පැරණි අතර විවිධ කාර්මික දෝෂයන් සඳහා නිරන්තරයෙන් ලක්වන බවයි පැවසෙන්නේ.
එම තත්ත්වය විශේෂ කාර්ය බලකාය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැටලීම් ක්‍රමානුකූලව හා ප්‍රශස්ත මට්ටමින් ඉටු කිරීමට බාධාවක් වී බවත්, ඒ අනුව, මත් උවදුර මැඩලීම සහ සංවිධානාත්මක පාතාල කණ්ඩායම් මර්ධනය කිරීම වැනි රාජකාරීන් කාර්යක්ෂමව යහ ඵලදායි ලෙස ඉටු කිරීමට හැකිවන පරිදි විශේෂ කාර්ය බලකාය සඳහා එන්ජින් ධාරිතාව 125cc ප්‍රමාණයේ යතුරුපැදි 100 ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිල දී ගැනීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.















