ජොනතන් ට්‍රොට් ඇෆ්ගනිස්ථාන ප්‍රධාන පුහුණුකරු තනතුරින් ඉවත්වෙන්න සැරසෙයි

2026 පිරිමි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳ නිල නිවේදනය ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (03) නිකුත් කළා.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් නිවේදනය කළේ, කිසිදු ජාත්‍යන්තර කණ්ඩායමක් සදහටම තනි පුහුණුකරුවෙකු යටතේ නොපවතින අතර, මණ්ඩලය දිගුකාලීන විශිෂ්ටත්වය කරා ගොඩනැගීම දිගටම කරගෙන යන බැවින් මෙම වෙනස ඇෆ්ගනිස්ථානයට නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇති බවයි.

එංගලන්ත ජාතික ජොනතන් ට්‍රොට් ඇෆ්ගනිස්ථාන ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමෙන් අනතුරුව කණ්ඩායම පෙරලිළිකාර ජයග්‍රහණ කිහිපයක්ම වාර්තා කළ අතර කණ්ඩායමේ සීඝ්‍ර වර්ධනය ද පෙන්නුම් කළා.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තය, ශ්‍රී ලංකාව සහ පකිස්තානය යන කණ්ඩායම් පරාජයට පත් කිරීම, ඉතිහාසයේ පළමු වරට 2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීම ආදී සුවිශේෂී ජයග්‍රහණ රැසක් ඒ අතර වනවා.

මේ අතර ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මේ දක්වා කාලය තුළ ඇෆ්ගනිස්ථානය සහභාගී වූ එක්දින තරග 43න් 20ක් සහ විස්සයි විස්ස තරග 61න් 29ක් ජයග්‍රහණය කර තිබෙනවා.

2022 ජූලි මාසයේදී ප්‍රධාන පුහුණුකරු ලෙස ප්‍රථමවරට ට්‍රොට් වැඩ භාරගත් අතර,ඔහුගේ ආරම්භක ධුර කාලය මාස 18ක් වූ නමුත් 2024 දී ඔහුට මාස 12 ක දිගුවක් ලබා දෙන ලද අතර පසුව එය 2025 අවසානය දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළා.

මේ අතර ජොනතන් ට්‍රොට් එම තනතුරින් ඉවත්වීමෙන් පසු පත්කරන තැනැත්තා පිළිබඳව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තවමත් ප්‍රකාශයක් සිදුකර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18