ජාත්‍යන්තරය ජයගත් ලංකාවේ හේමාල්, කුමාර් සානු සමඟ ගී ගයන්න සැරසෙයි

ස්කොට්ලන්තයේ පිහිටි ඉන්දියානු ගුවන් විදුලි නාළිකාවක් මඟින් සංවිධානය කළ ගායන තරඟයකින් ජයගැනීමට ශ්‍රි ලාංකික තරුණයෙකු වන සංගීත් නිපුන්, විශාරද හේමාල් වාහලතන්ත්‍රී සමත්ව තිබෙනවා.

ඉන්දියාවේ ජනප්‍රිය ගායක කුමාර් සානු සමඟ එක්ව ස්කොට්ලන්තයේ පවත්වන ප්‍රසංගයකදී ගීත ගැයීමට වරම් ලබාදීම සදහා මෙම ගායන තරඟය සංවිධානය කර තිබුණා.

එය Kumar Sanu Competition – Sing on Stage නමින් පැවැති තරඟයට ඉන්දියාව ඇතුළු රටවල් රැසක තරුණ තරණියන් රැසක් එක්ව සිටි අතර තරඟ වට ගණනාවක් පවත්වා අවසන් තිදෙනා තෝරාගෙන තිබෙනවා.

අවසන් වටයට ඉන්දියානු දෙදෙනෙකු සහ ශ්‍රි ලංකාවේ සංගීත් නිපුන්, විශාරද හේමාල් වාහලතන්ත්‍රී තේරිපත්ව තිබුණා.

පළමුවන ස්ථානය තෝරා ගැනීම ජනප්‍රිය ගායක කුමාර් සානු විසින් විනිශ්චය කර ඇති අතර, ඒ අනුව ජයග්‍රහකයා බවට පත්ව ඇත්තේ හේමාල් වාහලතන්ත්‍රීයි.

ඒ, අනුව හේමාල් ලබන මාසයේ ස්කොට්ලන්තයේ පවත්වන ප්‍රසංගයකදී ඉන්දියාවේ ජනප්‍රිය ගායක කුමාර් සානු සමඟ එක්ව ගී ගැයීමට නියමිතයි.

හේමාල් වාහලතන්ත්‍රී ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහගේ ශිෂ්‍යයෙක්.

2015 රාජ්‍ය සංගීත උළෙලේදී ප්‍රශස්තම ශාස්ත්‍රීය ගායනය වෙනුවෙන් රාජ්‍ය සම්මාන ලබාගත් හේමාල් පසුව රාජ්‍ය සංගීත කණ්ඩායමට එක්ව එහි සාමාජිකයෙක් ලෙස ද කටයුතු කර තිබෙනවා.

ඔහු මේ වන විට ස්කොට්ලන්තයේ එඩින්බර්ග් නේපියර් විශ්වවිද්‍යාලයේ දෙවැනි ශාස්ත්‍රපති උපාධිය සඳහා අධ්‍යාපනය ලබමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23