හොරණ, මීවනපලාන, අක්කර 12 ප්‍රදේශයේ දී ඊයේ (02) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණි පුද්ගලයෙක් බවට අනාවරණය වී තිබෙනවා.
අක්කර 12 ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා 45 හැවිරිදි වොයේ පසු වූ අයෙක් වන අතර, ඔහු පසුගිය 21 වනදා ඇප ලබා නිවසට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මීට වසරකට පෙර කාන්තාවක් කපාකොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මොහු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.
මෙම පුද්ග්ගලයා ඊයේ (03) රාත්‍රීයේ අනියම් බිරිය සමඟ නිවසේ සිට අසල පිහිටි කඩයට ගොස් නැවත පැමිණෙමින් සිටියදී අක්කර 12 ප්‍රජාශාලාව පිටුපස මාර්ගයේ ලදු කැලෑවක රැක සිට වෙඩික්කරු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
සිද්ධිය පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් හොරණ මූලස්ථාන පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව වෙඩි තැබීම සිදුකළ බව කියන සැකකරු ඒ ආසන්නයේ පිහිටි නිවසක සිටියදී ගිනි අවිය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ බෝර 12 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ හොරණ මූලස්ථාන පොලිසිය මගින් සිදු කරනු ලබනවා.





