අවුරුදු 11 දියණිය කෙලෙසූ පියෙක් පොලිස් අත්අඩංගුවේ

තම බාල වයස්කාර දියණියට ලිංගික අතවර කළ බව කියන පියෙක් මදුරන්කුලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මදුරන්කුලිය, මුක්කුතොඩුවාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක පුද්ගලයෙක්.

තම දියණියට සැමියා විසින් ලිංගික අතවරයක් සිදුකර ඇති බවට මව විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (01) දහවල් කාලයේ බිරිඳ ඉද්දමල් නෙලීමට ගොස් සිටි අවස්ථාවේ සැකකරු නිවස තුළදීම දියණියට ලිංගික අතවර කර ඇති බවයි පොලිස් විමර්ශණවල දී අනාවරණය වී ඇත්තේ.

සැකකාර පියා මීට පෙරද දියණියට බාහිර ලිංගික අතවරයන් අවස්ථා කීපයකදී සිදුකර ඇති බවට ද විමර්ශණවල දී අනාවරණය වී තිබෙනවා.

අතවරයට පත් අවුරුදු 11ක දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
23
+1
0
+1
1
+1
4
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07