නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් දුෂ්කර ප්‍රදේශවලට විශේෂ මැදිහත්වීමක් – අගමැති

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් දුෂ්කර ප්‍රදේශවලට විශේෂ මැදිහත්වීමක් සිදුකරන බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

විසඳුම් නැති ප්‍රශ්න නොමැති බවත් රජය, නිලධාරීන් සහ ජනතාව සාමූහිකව වැඩ කළහොත් සියලු ප්‍රශ්න වලට විසඳුම් සොයාගත හැකි බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ නැගෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කයට අයත් කල්කුඩා හා එරාවූර් කලාප අධ්‍යාපන කාර්යාලවල පැවති සාකච්ඡා සඳහා සහභාගීවීමෙන් අනතුරුව කල්කුඩා කලාප අධ්‍යාපන කාර්යාලවල පැවති සාකච්ඡාවට එක් වෙමින් ඇය මේ බව පැවසුවා.

මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ,

“අපි අධ්‍යාපන අංශයේ නිලධාරීන් සමඟ මඩකලපුවට පැමිණියේ විශේෂයෙන් මඩකලපුවේ අධ්‍යාපන ගැටලු හඳුනා ගන්නත් නිලධාරීන් දෙමාපියන් මුණගැසී 2026 තුළ ක්‍රියාත්මක කරන්න සිටින නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සූදානම් ගැන යම් අදහසක් ගැනීමේ අරමුණින්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් අපි දුෂ්කර පළාත්වලට විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අපි දන්නවා මඩකළපුව කියන්නේ දුෂ්කර කලාපයක් අධ්‍යාපනයේ ප්‍රතිඵල ගත්තත්, දුෂ්කර අසීරු තැනක ඉතින් ඒ නිසා වියශේෂ අවධානයක් අපි මෙවැනි කලාපවලට ලබා දෙනවා.
මේ ප්‍රදේශවල තිබෙන ප්‍රශ්න හඳුනා ඒවට අවශය මැදිහත්වීම කරන්න පුළුවන් තැන්වල මැදිහත්වීම් කරලා විශේෂයෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට තිබෙන සූදානම ගැන අවබෝධයක් ගන්න සහ ඒ සඳහා කළ යුතු විශේෂ මැදිහත්වීම් ගැන කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
කිසිදු වෙනසක් නොවන ලෙස රටේ සියලුම දරුවන්ට, සියලුම අධ්‍යාපන කලාප වලට, ගුණාත්මක අධ්‍යාපන සේවාවක් ලබා දෙන්න පුළුවන් තත්ත්වයට අවශ්‍ය පහසුකම් දියුණු කරන්න අපි කටයුතු කරනවා. එහිදී පාසල් දියුණු වෙන්න නම්, ගුරුවරු දියුණු වෙන්න ඕන විදුහල්පතිවරු දියුණු වෙන්න ඕන මේ සියල්ලම කරන්න අධ්‍යාපන යාන්ත්‍රණය ගැන නිවැරදිව අවබෝධ කර ගන්න ඕන වගේම මේ සියල්ලම කරන්න නම් අපේ අධ්‍යාපන පරිපාලනය දියුණු වෙන්න ඕන.
ඒ වගේම කලාප පළාත් ශක්තිමත්ව ඒ සේවාවට මැදිහත් වෙන්න අවශ්‍යයි. අධ්‍යාපනය කියන එක සේවාවක් ඒ අධ්‍යාපන සේවාවේ ගුණාත්මක භාවය පවත්වාගෙන යන්න අපි සියලු දෙනාටම ලොකු වගකීමක් තියෙනවා. අධ්‍යාපනය දියුණු කරලා තමයි රට දියුණු කරන්න පුළුවන් වෙන්නේ. අපි අධ්‍යාපනයට ගුණාත්මක වර්ධනයක් ගේන්න රජයක් හැටියට මහන්සි වෙනවා. ඒ වෙනුවෙන් තමා මේ ප්‍රතිසංස්කරණත් එන්නේ ඉතින් ඒ නිසා කල්කුඩා වගේ දුෂ්කර අධ්‍යාපන ප්‍රදේශවලට වුණත් විශේෂ මැදිහත් වීමක් කරලා, කිසිම දරුවෙක් මගහැරෙන් නැතුව සියලු දෙනාගේම සාර්ථකත්වය තහවුරු කරන, අනාගතය සුරක්ෂිත කරන ගුණාත්මක අධ්‍යාපන සේවයක් ලබා දෙන්න අපි සියලු දෙනාම බැඳිලා ඉන්නවා.
2026 ඉඳලා අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා. ප්‍රශ්න ඇතිවෙයි. ඒවට මුහුණ දෙන්න ඕන. විසඳුම් සොයන්න ඕන. කිසිම ප්‍රශ්නයක් නැහැ හැම ප්‍රශ්නකට අපිට විසඳුමක් හොයන්න පුළුවන්. අපි මහන්සි වුනොත්, අපි එකතු වුණොත් කතා කළොත් අපිට විසඳුම් හොයන්න පුළුවන්.
අන්න ඒ මානසිකත්වයෙන් අපි ඉදිරිය අවුරුදු දෙක, තුන තුළ අධ්‍යාපනයේ විශාල පිරීමක් පනින්න අපි සියලු දෙනා එකතු වුණොත් පුළුවන් වෙනවා කියන එක මට විශ්වාසයි.”

  1. Can anyone tell me what the chances are for a student who studied in a private school and got an excellent result in the Advanced Level to complete her higher education? I just came to know that there is no other choice than sending abroad at a very high cost, which the parents could not afford. KDU allows just 5 students. What about the other students? The student I am talking about got 3As in the biology curriculum (Oxford Standard) at Lycium College, and now she has no University to complete her degree in as a medical doctor.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03