අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු මත්ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍රදේශයේ දී ඊයේ (01) මෙම සැකකරු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26 මිලිග්‍රෑම් 890ක් ද සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
සැකකරු වයස අවුරුදු 25 ක් වන සමිත්පුර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර විමර්ශනයේදී අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු බවටත් අනාවරණය වී තිබෙනවා .
අත්අඩංගුවට ගැනුණු සැකකරු මෝදර පොලිසියට භාරදී ඇති අතර, එම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1





