විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිනුවන්ගොඩ පොලිස් වසමේ පීල්ලවත්ත ප්‍රදේශයේ දී මෙම සැකකරු අද (01) දින අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමේ දී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, එම පතරොම් ගැබ් 01ක් හා ජීව පතරොම් 13 ක් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු වයස අවුරුදු 39 ක් වන පීල්ලවත්ත, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම සැකකරු හෙට (02) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව තිබෙනවා.















