අහුංගල්ල පොලිස් වසමේ පාතේගම ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙක් විසින් කාන්තාවකට ගලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 43 ක් වූ පාතේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු මරණකාරියගේ ඥාතියෙකු වන අතර ඝාතනයෙන් පසු සැකකරු පලාගොස් ඇති අතර අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
1
+1















