සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනයට

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය තීරණයකර ඇති බව එම අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ පහසුව සහ වඩා වැඩි ප්‍රතිලාභ හිමිකරදීම අරමුණු කරගනිමින් මෙම සංශෝධනය සිදුකිරීමට නියමිත බවයි එම නිවේදනයේ සඳහන්වන්නේ.

අධිභාර, අධිභාර අයකිරීම් යාන්ත්‍රණය වඩා ඵලදායී තත්ත්වයට ගෙන ඒම, වානිජ බැංකු වෙනුවට සේවක අර්ථසාධක අරමුදල හරහා එහි සාමාජිකයින්ට ණය පහසුකම් ලබා දීම, පිරිමි සහ කාන්තා ශ්‍රමික දෙපාර්ශ්වයේ හිමිකම් සම්බන්ධයෙන් පවතින අසමානතා ඉවත් කිරීම ආදී කරුණු රැසකට අදාළව මෙම පනත සංශෝධනයවන බවයි.

කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) රැස් වූ කම්කරු උපදේශක සභාවේදී මේ කෙරෙහි විශේශ්සවධ්නයක් හිමිව තිබෙනවා.

මෙහිදී අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු කියා සිටියේ සේවා යෝජකයින්ගෙන් අධිභාර අයකර ගැනීමේ යාන්ත්‍රණය සංකීර්ණ නොවිය යුතු බවත් ඒ හරහා කඩිනමින් අදාළ අයකිරීම් සිදුකර ගැනීමට අවස්ථාව උදා වන බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?