මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ දී මෙරට තුළ භාවිතය සඳහා විශේෂ අවසරයක් තිබිය යුතු බෑන්ඩ් සෝ වර්ගයේ බිම සවිකර තිබූ අනවසර කියත් භාවිත කරමින් පවත්වාගෙන ගිය ලී මෝලක් වැටලීමට මුලතිව් වන සංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන්ට හැකිව තිබෙනවා.
පෙරේදා (29) දින අලුයම් කාලයේදී සිදුකරන ලද මෙම වැටලීම ඔස්සේ ඒ අසළ තිබූ ඔඩ්ඩුශුඩාන් වන රක්ශිතයෙන් කැපූ බවට සැකකරන ලක්ෂ දෙකකට පමණ වටිනාකමින් යුත් දැව තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සහ එම දැව තොගය ඇතුළු සහ අනෙකුත් දෑ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1




