අපේ ගුරුවරුන් පුහුණුකරන්න ඉන්දියාව සූදානමින් – අග්‍රාමාත්‍යවරිය

ඉන්දියාව අපේ රටේ ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න කටයුතු කරමින් යන බවත්, නිර්මාණශීලි ගුරුවරුන්ට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ විශේෂ අවස්ථා නිර්මාණය කරන බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ඉන්දියානු රජයේ සහය ඇතිව පොළොන්නරුව ප්‍රදේශයේ ඉදිකළ බහුවාර්ගික ත්‍රෛභාෂා පාසල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා.

අපේ රට විවිධ ආගම්, භාෂා සහ ජන වර්ගවලට අයත් පුද්ගලයන් එකමුතුව ජීවත් වන රටක් බව අභිමානයෙන් සඳහන් කළ හැකි බවත්, ඉතිහාසයේ පළමු වතාවට, විවිධත්වය ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලාංකිකයන් ලෙස ජාතික ඉලක්කයක් කරා පොදු සංස්කෘතික ගමනක් යාමට හැකි වීම අතිශය සතුටට කරුණක් බවත් අග්‍රාමාත්‍ය වරිය මෙහි දී ප්‍රකාශ කර සිටියා.

ත්‍රෛභාෂා සංකල්පය යටතේ මෙම ගොඩනැගිල්ල විවෘත කිරීම විශාල අභියෝග මැද සාර්ථකව ඉටු කළ හැකි වීම ‍ඓතිහාසික කටයුත්තක් බවත්, මෙම භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීම සඳහා සංවර්ධන සැලැස්මක් සකස් කිරීම මේ වන විට සිදුකර ඇති බවත් ප්‍රකාශ කළ ඇය එමඟින් ප්‍රදේශයේ ජනතාවට, විශේෂයෙන් තරුණ තරුණියන්ට, අධ්‍යාපනික හා වෘත්තීය වශයෙන් සාර්ථක විය හැකි අවස්ථා නිර්මාණය වනු ඇති බවත් ප්‍රකාශ කළා.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉතාමත් තීරණාත්මක ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින මොහොතක සියලුම දරුවන්ට, වෙනසක් නැතිව, ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම අපේ ප්‍රධාන අරමුණ බවත්, මේ සඳහා විෂය මාලාව අලුත් කිරීම පමණක් නොව, අධ්‍යාපනයේ නව පරිවර්තනීය මගක් නිර්මාණය කිරීමද සිදුකෙරෙන බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.

සියලු දරුවන්ට ආරක්ෂිත හා ගුණාත්මක අධ්‍යාපන පරිසරයක් ලබා දී අනාගත වැඩ ලෝකයට සුදුසු, පුරවැසියෙකු ද බිහි කිරීමේ දැක්මෙන් යුතුව මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමෙන් බලාපොරොත්තු වන්නේ ශිෂ්ටාචාරමය වගකීම, සමාජීය වගකීම, හා අනාගත නායකත්වය ඇති පරපුරක් බිහි කිරීම බවත්, ඒ සඳහා පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ගුරු හිඟය නැති කිරීම, හා ගුණාත්මක ඉගෙනීමක් ලබාදීමට රජය නිරන්තරයෙන් උත්සාහයක් ගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී කියා සිටියා.

වේගයෙන් වෙනස්වන තාක්ෂණික ලෝකයක ජීවත් වන දරුවන් ඩිජිටල් අධ්‍යාපනයට සූදානම් කිරීමේ ප්‍රමුඛ අරමුණින් දරුවන්ට තාක්ෂණය නිවැරදි ලෙස භාවිතා කර, නව දැනුම හා නව නිපුණතා ලබාගැනීමට අවශ්‍ය අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමටත්, ඩිජිටල් අන්තර්කරණ තාක්ෂණය අධ්‍යාපනයට නිසි ලෙස යොදා ගැනීමටත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

ඒ, සඳහා ඉන්දීය රජය සමඟ එකතු වී අධ්‍යාපන පරිපාලන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එමගින් අධ්‍යාපන පද්ධතිය තුළට හා රට තුළට නව තාක්ෂණික දැනුම හා අදහස් ගෙන ඒමට අපේක්ෂිත බව ද වෙනස් කළ යුතු තැන් නිවැරදි කරමින්, දරුවන්ගේ අනාගතය සාර්ථක කර ගැනීම අභිප්‍රාය වන බව ද පැවසූ ඇය, අධ්‍යාපනය මගින් රටේ පුරවැසියන් නව ආධ්‍යාත්මික ගුණ වගාවකින් හෙබි නව පරපුරක් ලෙස සමාජයට දායාද කිරීම රජයේ අරමුණ බවත් මෙහි දී ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
14
+1
3
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෙකෝඩ් කරලා තියාගන්න - ආයේ හාල් ගෙන්නන්නේ නෑ"
06:55
Video thumbnail
ලුනාවේ කලපුවෙන් හමුවූ අභිරහස් නිසල සිරුර..සිරුර හදුනා ගන්න බැරි තරමට විරූපි වෙලා
01:18
Video thumbnail
මධ්‍යම බස් නැවතුම්පොළ ගැන ජනතාවගේ අදහස්.."හොඳ වුණාට අපිට පහසුකම් නෑනේ.. Stand එක Update වෙලා..
02:41
Video thumbnail
නිදහස් පක්ෂයේ කාන්තාවෝ ජනපතිව හොඳවයින් අමතයි
05:07
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13