ආසියාවේ හොඳම සරසවියට යන්න ලාංකීය සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමේ

සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය (NUS) විසින් පිරිනමනු ලබන PhD අපේක්ෂකයින් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ සහ ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්නගේ ප්‍රධානත්වයෙන් අද (31) කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවැත්වුණා.

ශ්‍රී ලාංකික සිසුන් සඳහා විදේශයන්හි උසස් අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ ජාතික වැදගත්කම හඳුනා ගනිමින්, මෙම වැඩසටහන සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය (NUS) සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය එක් ව සංවිධානය කරනු ලැබුවා.

අධ්‍යාපනික සහයෝගීතාව සහ අධ්‍යයන හවුල්කාරිත්වයන් මෙන්ම පර්යේෂණ අවස්ථා ශක්තිමත් කිරීම අරමුණු ගනිමින්, අධ්‍යාපන අමාත්‍යාංශය සහ NUS විශ්වවිද්‍යාලය අතර පසුගිය මැයි මාසයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ පරිගණක විද්‍යාව යන පුළුල් පරාසයක සිට සිය ආචාර්ය උපාධි හැදැරීම සඳහා සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලාංකික ශාස්ත්‍රඥයින් හඳුනා ගැනීම සහ ඔවුන්හට ශිෂ්‍යත්ව පිරිනැමීම මෙහිදී සිදු වනවා.

දැනට NUS විශ්වවිද්‍යාලය QS ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානය සහ ආසියාවේ 01 වන ස්ථානය අත් කරගෙන සිටිනවා.

PhD උපාධි අපේක්ෂකයින් හට මේ සඳහා අයදුම් කිරීමට තරඟකාරී අයදුම්පතක් සකස් කිරීමට සහ ශ්‍රී ලංකාව සහ NUS විශ්වවිද්‍යාලය අතර මෙන්ම සිංගප්පූරුව සමඟ අධ්‍යාපනික සහයෝගීතාවයන් ශක්තිමත් කිරීම අද දින පැවත්වෙන මෙම NUS ශිෂ්‍යත්ව වැඩමුළුවේ අරමුණයි.

මෙහිදී උසස් අධ්‍යාපන අපේක්ෂකයින්ගේ අධ්‍යයන ජයග්‍රහණ සහ ශ්‍රී ලංකාවේ පර්යේෂණ ක්ෂේත්‍රය තුළ ඔවුන්ගෙන් දායකත්වය පැසසුමට ලක් කළ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා, NUS සමඟ එක්ව නවෝත්පාදන සහ ගෝලීය සහයෝගීතාවයන් තුළින් ජාතික අවශ්‍යතා සඳහා විසදුම් සෙවීමට ඔවුන්ගේ දායකත්වය ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

NUS විශ්වවිද්‍යාලයීය නියෝජිත පිරිසට සිය කෘතඥතාව පළ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, NUS විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකාව අතර පවතින මෙම හවුල්කාරිත්වය, අධ්‍යයන සහයෝගීතාවයක් පමණක් නොව දෙරට අතර පවතින මිත්‍රත්වය නියෝජනය කරන බව ද අවධාරණය කළේය. ඉදිරි වසරවලදී සිංගප්පූරුව සමඟ අධ්‍යාපනික සහ පර්යේෂණ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ කැපවීම ද අමාත්‍යවරයා මෙහිදී තහවුරු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23