රටින් ගෙන්නූ සහල් මෙරට සහල් සන්නාම සහිත උරවල විකිණීමේ ජාවාරමක්

පාරිභෝගික අධිකාරියට ලැබුණු තොරතුරක් අනුව අද (30) පිටකොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පිටරටින් ආනයනය කරන ලද සහල් සහ කල් ඉකුත් වූ සහල්, මෙරට ප්‍රධාන සහල් සන්නාම සහිත උරවල අසුරා පාරිභෝගික ජනතාව වෙත විකිණීමට සූදානම් කර තිබියදී පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීම සිදුකරන අවස්ථාවේ කිලෝ ග්‍රෑම් 05 සහල් මලු 100 තුළ මෙලෙස සහල් නීතිවිරෝධීව අසුරා තිබී ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරියේදී පැමිණෙන උත්සවය සමය ඉලක්කකර ගනිමින් මෙවැනි කූට ව්‍යාපාර වෙළඳුන් විසින් සිදුකරන බවත් ජනතාව ඒ පිළිබඳ දැනුවත්භාවයෙන් කටයුතු කරන ලෙස පාරිභෝගික අධිකාරිය දැනුවත් කරන අතර ඉදිරි ක්‍රියාමාර්ග සඳහා එම සහල් තොගය පාරිභෝගික අධිකාරියේ බාරයට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?