හිටපු ඇමති නිමල් ලංසා ඇතුළු සැකකරුවන් 21 දෙනා විවෘත අධිකරණයට

මීට වසර 19 කට පමන පෙර එනම් 2006 වසරේ සිදු වූ ගිනි අවි ආඥා පනතට යටත් වන සිදුවීමකට අදාළව හිටපු අමාත්‍ය නිමල් ලංසා, මීගමු මහා නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් වන බන්දුල නාඔටුන්න, හිටපු නගරාධිපති දයාන් ලන්සා ඇතුළු සැකකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ ඔක්තෝබර් 26 වැනිදා කැඳවන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා නියෝගකර තිබෙනවා.

අද (30) දින පෙරවරුවේදී⁣ මීගමුව, ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් 21 දෙනා විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ විමර්ශන කඩිනම් කර නීතිපති උපදෙස් සඳහා නඩුව යොමු කරන ලෙසයි.

2006.03.08 වැනිදා රාත්‍රි 10.30ට පමණ කොච්චිකඩේ පල්ලන්සේන ප්‍රදේශයේ, ජොසප් මයිකල් පේරේරා මාවතේ හිටපු උප නගරාධිපති සුනිල් සිල්වා මහතාගේ නිවසට ඇතුළු වී දේපල මංකොල්ලකෑම සහ අහසට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් 19 දෙනෙකු සැකකරුවන් කර නඩු පවරා ඇති අතර එම නඩුව පසුගිය සැප්තැම්බර් 28 වනදා (28/09 /2025 ) නීතිපතිවරයාගේ උපදෙස් මත හිටපු අමාත්‍ය නිමල් ලන්සා සහ හිටපු නාගරික මන්ත්‍රී බන්දුල නාඔටුන්න යන පුද්ගලයන් දෙදෙනා අත තුවක්කු තිබු බවට සාක්ෂිකරුවන් තිදෙනෙකුගේ සාක්ෂි ප්‍රකාශ මත ඔවුන් දෙදෙනා සැකකරුවන් ලෙස නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා..

ඒ අනුව පසුගිය සැප්තැම්බර් 29 වන දින (29/08) කොච්චිකඩේ පොලිසියට පැමිණීමෙන් පසු ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන මීගමු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව ගිනි අවි අඥා පනතේ 26 වෙනි වගන්තිය ප්‍රකාරව වැරදි සිදුව ඇති බවත්, තව දුරටත් විමර්ශන සිදු වන බැවින් සාක්ෂිකරුවන්ට බලපැම් සිදු විය හැකි බැවින් නිමල් ලන්සාව සහ බන්දුල නාඔටුන්න යන දෙදෙනාව එදින රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

මෙම සිදුවීමට අදාළව ඊළඟ නඩු වාරය එළඹෙන ඔක්තෝබර් මස 30 වැනි (දින යළි විභාගයට ගැනීමට නියෝග කළ අතර එදිනට හිටපු අමාත්‍ය නිමල් ලංසා ඇතුළු මෙම සිදුවීමට සම්බන්ධව දැනට චෝදනා ලැබ සිටින සියලු සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02