”රටම එකට‍ – ජාතික මෙහෙයුම” අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය පරදන, ” රටම එකට‍ – ජාතික මෙහෙයුම ” වැඩසටහන අද (30) පෙරවරු 10ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

මෙරට තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් ළමුන්ගේ ද ජීවිත අවධානමට ලක් කර ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වනවා.

ඒ අනුව පාසල්, විශ්වවිද්‍යාල, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් පාලන ආයතන ඇතුළු ආයතන අද සිට මෙම වැඩසටහන සඳහා එක් කෙරෙනවා.

එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් මහජන සහාය ලබා ගැනීමේ යාන්ත්‍රණය ලෙස දිස්ත්‍රික් මෙහෙයුම් සභා, ප්‍රාදේශීය මෙහෙයුම් සභා සහ ග්‍රාමීය මට්ටමෙන් මහජන ආරක්ෂක කමිටු සහිත ව්‍යුහයක් පිහිටුවීම රජයේ අපේක්ෂාවයි.

මෙම වැඩසටහනේ මෙහෙයුම් සභාවේ සභාපති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ක්‍රියා කරන අතර එහි ලේකම්වරයා වන්නේ ජනාධිපති ලේකම්වරයායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12