ගල්කිස්ස අධිකරණ භූමියේ තිබී ගිනිඅවියක් සොයාගනී

ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේ නඩු භාණ්ඩ ගබඩා කර ඇති ස්ටෝරුවකින් ගිනි අවියක් සොරකම් කළ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවුම්කරුවෙකු (29 වැනිදා) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බන්ධනාගාරගතව සිටි අයෙකු වන අතර අධිකරණ පරිශ්‍රය පිරිසිඳු කිරීම සඳහා පැමිණි තිදෙනෙකුගෙන් එක් අයෙකු වනවා.

පැරණි නඩු භාණ්ඩ ඇති ගබඩා කාමරයක් සුද්ද පවිත්‍ර කරමින් සිට ඇති අතර එහි තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් රැගෙන මල්ලක දමා බන්ධනාගාර බස් රථයට ගොඩ වීමේදී බන්ධනාගාර නිලධාරියෙක් විසින් ඔහු සතුව තිබූ මල්ලක් පිළිබඳව සැක සිතී පරීක්ෂා කර තිබෙනවා.

ඒ අනුව මෙම ගිනි අවිය සොයාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

වැඩිදුර විමර්ශන ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති නිලන්ත ගමගේ ඇතුළු ගල්කිස්ස පොලීසියේ නිලධාරීන් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17