ජනාධිපතිගේ මැදිහත්වීමෙන් තලාව ප්‍රදේශයේ වල් අලි ප්‍රශ්නෙට විසඳුමක් (වීඩියෝ)

අනුරාධපුර , තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නිරන්තරව ඇතිවන අලි මිනිස් ගැටුමට විසඳුම් ලබා දෙමින් දැඩි ලෙස වන අලි තර්ජනයට මුහුණ දෙන ශ්‍රාවස්තිපුර – කොඩිගල රක්ෂිත ප්‍රදේශය ආවරණය කරමින් තල් සහ දෙහි ගස්වලින් සමන්විත ජීව වැටක් ස්ථාපිත කිරීම අද (29) පෙරවරුවේදී අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

කොඩිගල ගම්මානේ ජනතාව, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල පිරිසකගේ එකමුතුවෙන් මෙම වැඩපිළිවෙල ආරම්භ වී තිබෙනවා.

කොඩිගල රක්ෂිතයේ සිට ඒ වටා ඇති ගම්මාන වෙත වන අලින් ගම්වැදීම වැළැක්වීම සඳහා කිලෝ මීටර් පහක පමණ දුර ප්‍රමාණයක් ආවරණය වන ලෙස තල් ගස් දහසක් සහ දෙහි පැළ පන්සියයක් සිටුවීම අද දින මෙලෙස ආරම්භ කෙරුණා.

මෙම අවස්ථාවට එක්වෙමින් දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත දිස්ත්‍රික්කයට ගැලපෙන පරිදි සැලැස්මක් නිර්මාණය කිරීමට කටයුතු කළ බවත් ඒ අනුව මෙම ජීව වැට නිර්මාණය කිරිම ආරම්භ කළ අතර ගම්වාසීන්ගේ ජීවිත ආරක්ෂා කර ගනිමින් වනලින් ද ආරක්ෂා කිරීම රජයේ වගකීම බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21