කොළඹින් ගෙන ආ මත්ද්‍රව්‍ය වැල්ලවායේ බෙදූ අඹු සැමි යුවළ මාට්ටු

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කල වැටලීමකදී කොළඹ ප්‍රදේශයේ සිට වැල්ලවාය දක්වා අයිස් මත්ද්‍රව්‍ය ගෙනැවිත් වැල්ලවාය ප්‍රදේශයේ බෙදාහැරී අඹු සැමි යුවලක් ඇතුළු පුද්ගලයන් හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කාන්තාව සහ ඇගේ පුරුෂයා විසින් දීර්ඝ කාලයක සිට මෙම ජාවාරමේ නිරත වී ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකාර අඹුසැමි යුවලට අමතරව තවත් සැකකරුවන් පස් දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් විසිතුනක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් කොළඹ,කඩුවෙල,හෝකන්දර,වැල්ලවාය සහ ඇතිලිවැව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තලපති විජේගේ ජයග්‍රහණය පුස්සල්ලාවේ ජයටම සමරපු හැටි
01:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.06
08:14:25
Video thumbnail
අපේ සමගිය කඩන්න සාගර කුමන්ත්‍රණ කරනවා
02:46
Video thumbnail
විපක්ෂ මන්ත්‍රී කාමරයට කඩන් පැනලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීලා කරපු කැත වැඩේ ?
06:33
Video thumbnail
ආණ්ඩුවේ ඇමතිවරු ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ඉල්ලනවා
09:15
Video thumbnail
අජිත් පී පෙරේරාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
07:44
Video thumbnail
අගමැතිනිගේ වීඩියෝවක් පෙන්නලා සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:52
Video thumbnail
කන්ටේනර් 323 ගැන ගම්මන්පිල කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..අර්චුනාගේ සැකය සාදාරණයි
05:38
Video thumbnail
මාලිමාවේ හොරු ටික අපි අල්ලනවා - ලෑස්ති වෙලා ඉන්න
14:43
Video thumbnail
විදුලි ගාස්තු සංශෝධනය ගැන සජිත් PUCSL එකට ගිහින් කට අරියි..මෙතන මිල විකෘති කරනවා
08:37