රත්මලාන සහ ගල්කිස්ස හන්දිය ප්‍රදේශවලදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) සිදුකළ වැටලීම් 02ක් අතරතුර සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාස 02ක් වටලා එහි කළමණාකාරිණියක් සහ කළමණාකරුවෙක්, ගණිකා සේවය සඳහා රැඳී සිටි සැකකාරියන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්කර තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 46 ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකාරියන් අවුරුදු 30, 34, 41, 46 හා 51 යන වයස්වල පසුවන අම්පාර, වැලිඔය, මැදිරිගිරිය හා රත්මලාන ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි පොලිසිය පවසන්නේ.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
1
+1
1
+1
+1
1















