කොවිඩ් ආසාදිතවූ භාතිය පළමු වරට සිය අත්දැකීම් හෙළි කරයි

පසුගියදා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පී භාතිය ජයකොඩි ඔහුගේ අත්දැකීම කතා බහකදී ඉදිරිපත් කළා.

ඔහු එහිදී පවසා සිටියේ,

“මට දැනුම් දුන්නා මම සහභාගී වුන රැස්වීමක කෙනෙක්ට පොසිටිව් කියලා.  මට කිසිම රෝග ලක්ෂණයක් නැති වුනත් මම PCR එකක් කළා. ඒක නෙගටිව්, ඔහොම ඉද්දී අර කම්මැලිකම වගේ දැනෙන නිසා දවස් 7කින් තව PCR එකක් කළා. ඒකත් නෙගටිව්. ඉතින් මම සාමාන්‍ය පරිදි බොහොම පරිස්සමින් වැඩකරගෙන යද්දී ඔන්න ඊළඟට ආවා මට පොඩි කැස්සක්.

දැන් PCR දෙකක්ම නෙගටිව් හින්දා දන්න ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත්  ටිකක් අරගෙන ගියා. කැස්ස වැඩි  වෙන්න ගත්තා දවස් දෙකකින් විතර. පස්සේ සන්තුෂ්  කිව්වා ඇඟේ ඔක්සිජන් බල මීටරයකින් චෙක් කරගන්න කියලා කෝකටත්.

ඒක බලද්දී ඔන්න අඩුවීගෙන යනවා. පස්සේ මම එවලෙම හිතවත් ඩොක්ටර් කෙනෙක්ට කතා කළාම කිව්වෙ රෝහල්වල ඉඩ නෑ, කෝකටත් ඉක්මනින්ම එන්න කියලා. ගිහින් එතනදී චෙක් කරලා බලද්දි  ඔන්න පොසිටිව්. පස්සේ දවස් 4ක්  පමණ යනකන් මම දැඩි සත්කාරේ. කොවිඩ් නියුමෝනියාවට හැරිලා. දැන් සිහිවෙනවා ‘එන්නෙත් තනියම යන්නෙත් තනියම නේද කියලා’. ඔන්න ඔහොම ඉද්දී එක දිගට ඔක්සිජන් දීලා දවස් 4කින් පමණ තමයි රිකවර් වෙන්න ගත්තේ” යනුවෙන් ඔහු පවසනවා.

එහිදී වැඩිදුරටත් ඔහු පැවසුවේ, ” මම මේක කියන්නේ මම දැකලා තියෙනවා තවමත් මිනිස්සුන්ට ගානක් නෑ. පාටි දානවා, විනෝද වෙනවා,  කිසිම පරිස්සමක් නෑ, කොවිඩ්වලට භය වෙන්න, පරිස්සම් වෙන්න” යනුවෙනි. එම වීඩියෝව පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32