ගිනි ගත් නැව මුහුදු බත් වීමේ අවදානමක්

නැව වහාම ගැඹුරු මුහුදට ගෙන යන්නැයි ජනපතිගෙන් නියෝග

කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක් වූ “එක්ස් – ප්‍රෙස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේදී තීරණය කර තිබෙනවා.

ආපදාවට ලක්වූ නෞකාව මුහුදුබත්වීමේ අවදානමක් පවතින බව නාවුක සහ පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයෝ පෙන්වා දී ඇති අතර
එසේ වුවහොත් සමුද්‍රීය පරිසරයට සිදු විය හැකි හානිය අවම කරගැනීමට නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම සුදුසුම බවට පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව තාක්ෂණික කාරණා පදනම් කර ගනිමින් නීතිපතිවරයාගේ ද උපදෙස් මත, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිට ඇති බලතල ප්‍රකාරව නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට වහාම නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දී ඇත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45