ලූවර් කෞතුකාගාරයේ සොරකමට දෙදෙනෙක් අල්ලයි

පැරිසියේ ලූවර් කෞතුකාගාරයෙන් වටිනා ආභරණ සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරනවා.

මින් එක් සැකකරුවෙක් එරට චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළෙන් ගුවන් යානයකට ගොඩවීමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැකකරු ඇල්ජීරියාවට යාමට සූදානම් වෙමින් සිටි බව පොලිස් ආරංචි මාර්ග ප්‍රංශ මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

ලොව වැඩිපුරම නරඹන ලද කෞතුකාගාරයේ තිබූ යුරෝ මිලියන 88 ක් වටිනා භාණ්ඩ පසුගිය ඉරිදා පෙරවරුවේ සොරුන් හතරදෙනෙකු විසින් කොල්ල කා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?