නාවික හමුදාවේ සමුදුර නෞකාව ආපදාවට පත් වෙළද නැවක කාර්ය මණ්ඩලය මුදාගැනීමේ මෙහෙයුමක

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 100ක් පමණ දුර ගැඹුරු මුහුදේ ප්‍රධාන යන්ත්‍රවල කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට ලක්වූ MV INTEGRITY STAR වෙළද නෞකාවේ කාර්ය මණ්ඩලය බේරාගැනීමට නාවික හමුදාවේ නෞකාවක් පිටත්ව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘සමුදුර’ නෞකාව ඊයේ (24) දිනයේ එම මෙහෙයුම් සඳහා මෙලෙස පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ආපදාවට පත් MV INTEGRITY STAR වෙළද නෞකාවේ ඉන්දියානු, තුර්කි සහ අසර්බයිජාන් ජාතිකයින්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලය සාමාජිකයින් 14 දෙනෙකු සිටින බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මේ අතර නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ මුදවාගැනීම් මෙහෙයුම් මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.

සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානයෙ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සෝදිසි සහ ගලවා ගැනීම් මෙහෙයුම් ක්ෂණිකව දියත් කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37