ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේදී පදක්කම් 10ක් ලක් මවගේ නමට

2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රන් පදක්කම් 04ක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් සමඟින් සමස්ත පදක්කම් 10ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.

එහිදී පිරිමි මීටර 100 ධාවන ඉසව්ව තත්පර 10.30ක කාලයකින් අවසන් කළ චමෝද් යෝධසිංහ එම ඉසව්වේ රන් පදක්කම ද මෙරටට දිනා දුන්නේ දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වෙමින් .

එමෙන්ම කාන්තා මීටර් 100 ඉවසව්වෙන් රන් සහ රිදී පදක්කම් දෙකම මෙරටට දිනා දීමට සාෆියා යාමික් සහ අමාෂා ද සිල්වා සමත් වුණා.

තත්පර 11.53කින් තරගය අවසන් කළ සාෆියා යාමික් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර 11.72ක දක්ෂතාවයක් ද
දක්වමින් තරගය අවසන් කළ අමාෂා ද සිල්වා රිදී පදක්කම දිනා ගනු ලැබුවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගාවලියේ තවත් රන් පදක්කමක් දිනා ගැනීමට පසිඳු මල්ෂාන් සමත් වුණේ පිරිමි ත්‍රිත්ව පැනීමේ ඉසව්ව මීටර 16.19ක දක්ෂතාවක් දක්වමින් ජය ගැනීමත් සමඟයි.

එම ඉසව්වේම කාන්තා අංශයේ රන් පදක්කමද ශ්‍රී ලංකාවට හිමිකර දීමට මධුෂානි හේරත් ට හැකිවුණේ මීටර් 13.62 දක්ෂත්වය්ක් දක්වමින්.

එමෙන්ම එම ඉසව්වේ කාන්තා අංශයේ ලෝකඩ පදක්කමද ශ්‍රී ලංකාවේ සශිනි උපේක්ෂා දිනාගනු ලැබුවා.

තවද පිරිමි මීටර් 5000 ඉසව්වේ රිදී පදක්කමද මෙරටට හිමිකර දීමට වික්ටර් රාජ් සමත් වුණා.

ඊට අමතරව යගුලිය විසි කිරීමේ ඉසව්වේද කාන්තා සහ පිරිමි යන දෙඅංශයෙන්ම ලෝකඩ පදක්කම් ශ්‍රී ලංකාවට හිමිවූයේ මිතුන් රාජ් සහ ඔවිනි චන්ද්‍රසේකරගේ දස්කම් මතයි.

මීටර් 400 සහය මිශ්‍ර ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට කාලිංග කුමාරගේ, නදීෂා රාමනායක, කල්හාර ඉන්දූප සහ සයුරි මෙන්ඩිස් නියෝජනය කළ මීටර් 400 සහය මිශ්‍ර කණ්ඩායමට හැකිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිදු පුරවැසියෙක් පාලකයට බයේ ඉන්න ඕනි නෑ - මාව ප්‍රශ්න කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා
07:07
Video thumbnail
අපිට පොහොසත්ම රට වෙන්න අමාරුයි හැබැයි අභිමානවත්ම රට වෙන්න පුළුවන්
05:29
Video thumbnail
ඔස්ට්‍රේලියාවට යන්න ඔබටත් දැන් අවස්ථාවක්
02:22
Video thumbnail
සොර යුවලගේ කුරුමාණම අතේ මාට්ටු ?
01:23
Video thumbnail
කොහොමද මාලිමාවේ ඇමතිලගේ වැඩ
00:41
Video thumbnail
ට්‍රීට්මන්ට් එකක් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි
00:44
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි
02:26
Video thumbnail
වෙළෙඳසැලකට පැනලා භාණ්ඩ හොරකම් කළ කපල් එක - සොර යුවලගේ කුරුමාණම අතේ මාට්ටු ?
02:46
Video thumbnail
කොහොමද මාලිමාවේ ඇමතිලගේ වැඩ - ඇමති වසන්ත මෝටර් ග්‍රේඩරයක නැගලා සුපිරියට වැඩ කරන හැටි
02:11
Video thumbnail
මාලිමාවේ ගෑණුන්ට ග#පු පොල්ගෙඩියේ බෑයක්ම ඇවිත් චරිත්ගේ ඔළුවට වැදුණා - වේදනාව බේබිලට ඇහෙන්න ඕනි
07:26