මෙවර උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ නිවේදනයක්

2025 වසරේ අ.පො.ස. උසස් පෙළ ලබන නොවැම්බර් මස 10 වන දින සිට දෙසැම්බර් මස 05 වන දින දක්වා විභාග මධ්‍යස්ථාන 2362 ක දීත්, 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා දින විභාග මධ්‍යස්ථාන 1665 ක දීත් පවත්වනු ලබනවා.

මෙම විභාග සඳහා වන ප්‍රවේශ පත්‍ර හා පාසල් පැමිණීමේ ලේඛන මේ වන විට අදාල පාසල අයත් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ලබා දී ඇති අතර සියලුම විදුහල්පතිවරුන් තම පාසලට අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂයභාර නියෝජ්‍ය/ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂගෙන් ප්‍රවේශ පත්‍ර භාර ගත යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයකර තිබෙනවා.

මෙවර විභාගය සඳහා පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට තැපැල් මගින් යොමු කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම, රජයේ පාසල් විදුහල්පතිවරුන් https://onlineexams.gov.lk/eic/ වෙබ් අඩවිය වෙත පිවිස, ඔවුන් වෙත ලබා දී ඇති පරිශීලක නාමය හා මුරපදය (School code & Password) උපයෝගී කරගෙන ගිණුමට පිවිස අදාළ ප්‍රවේශ පත්‍ර සංශෝධනය කළ යුතු බවත්, පෞද්ගලික පාසල් (සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය) https://onlineexams.gov.lk/eic/index.php/clogin/psch වෙබ් අඩවිය වෙත පිවිස, පරිශීලක නාමය හා මුරපදය (School code & Password) උපයෝගී කරගෙන අදාළ සංශෝධන සිදු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ, අපේක්ෂකයින්ගේ නම්, මාධ්‍ය හෝ විෂයයන්හි කිසියම් සංශෝධනයක් ඇත්නම්, එම වෙබ් අඩවිය තුළින්ම එය සිදු කළ හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
146
+1
14
+1
22
+1
22
+1
95
+1
16
+1
32
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත් ආණ්ඩුව සැරටම අමතයි - බාල දේශපාලනය නවත්වන්න
02:10
Video thumbnail
වැරදි කරන පොලිස් නිලධාරීන්ට පොලිස්පති අනතුරු අඟවයි
06:49
Video thumbnail
පොඩ්ඩන්ගෙන් සජිත්ට ලැබුණු සුපිරි පිළිගැනීම
01:16
Video thumbnail
අරුන් බෝ#ම්බ ග#හනවා - අපි පෙට්‍රල් ග#හනවා
00:35
Video thumbnail
පෝලිමේ ඉඳලා ෆුල් ටෑන්ක් ගහපු යතුරුපැදියෙක් මහ පාරේ ගිනිගනී
00:31
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58