එරිත්‍රියාවේ රඳවාගෙන සිටි මෙරට නාවික ආරක්ෂකයින් හයදෙනා නිදහස් කෙරේ

Seagull Maritime ආයතනයට අයත් අසර්බයිජාන කපිතාන්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් සේවා සැපයූ යුරෝපීය නෞකාවක් එරිත්‍රියානු මුහුදු කලාපයට පිවිසීම හේතුවෙන් එම නෞකාවේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික නාවිකයින් 06 දෙනෙක් 2024 නොවැම්බර් මස 07 වන දින සිට එරට බලධාරීන් විසින් රඳවාගනු ලැබුවා.

එම ශ්‍රී ලාංකිකයින් වසරක කාලයක් එරට තුළ රඳවා ගනු ලැබූ අතර ඔවුන් නිදහස් කරගැනීම සඳහා ඉහළ පෙළේ මැදිහත් වීම් කිහිපයක් සිදු කිරීමට සිදු වුණා.

මේ සඳහා කයිරෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශ්‍ය සම්බන්ධීකරණය සිදුකර තිබෙනවා.

එලෙස සිදු වූ මැදිහත් වීම් මත ශ්‍රී ලාංකික නාවිකයින් හය හෙනා අද (24) කටුනායක ගුවන්තොටුපලට හරහා මෙරටට පැමිණ තිබෙනවා.

නාවිකයින් 06 දෙනා පිළිගැනීම විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සහ අප්‍රිකානු කටයුතු අංශයේ නිලධාරීන් එක් වූ අතර පැමිණි හය දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බවයි වාර්තා වන්නේ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?