රජය විසින් සිදු කිරීමට යෝජනාකර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට අදාළව පාසල් කාලය පස්වරු 01.30 සිට පස්වරු 02.00 දකවා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය විසින් අද (24) මාධ්‍ය හමුවක් කැඳවනු ලැබුවා.
එම සන්ධානයේ නියෝජිතයින් පවසා සිටියේ මෙම පාසල් කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගුරුවරුන්ගෙන් පමණක් නොව සමස්ත පාසල් පද්ධතියටම අදාළ පාර්ශවයන්ගෙන් විරෝධයක් එල්ලවෙමින් පවතින බවයි.
තමන්ට රජයේ පාර්ශවන් සමඟ නිසි අයුරින් මේ පිළිබද සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලැබුණු බවත් අද (24) දිනයේ නිල වශයෙන් තම විරෝධය පිළිබඳව රජය දැනුවත් කිරීම සඳහා අදාළ පර්ශවන් වෙත ලිපියක් යොමු කිරීමට කටයුතු කරන බවට ද ඔවුන් සඳහන් කළා.
ඒ අනුව මෙම පාසල් කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පිළිතුරක් නොවැම්බර් 07 වන දිනට පෙර ලැබිය යුතු බවත් එසේ නොවන්නේ නම් මීළග පාසල්වාරය, දෙසැම්බර් මාසය තුළ ආරම්භ වූ පසු වැඩවර්ජන එළඹෙන බවත් ඔවුන් පවසා සිටියා.














