ගාල්ල – බෙලිඅත්ත අතර දුම්රිය ගමනාගමනය ඇණහිටී

ඊයේ (23) රාත්‍රියේ ගාල්ල ප්‍රදේශයට බලපෑ තද සුළං තත්ත්වයක් හේතුවෙන් ගාල්ල – බෙලිඅත්ත ප්‍රධාන දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටී දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ගාල්ල, තලාපිටිය ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට ආසන්නයේ පැවති ගසක් සුළං තත්ත්වය හේතුවෙන් මෙලෙස දුම්රිය මාර්ගය වෙත ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.