වවුනියාවේ නගරාධිපතිට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

වවුනියාව මහ නගර සභාවේ නගරාධිපතිට සහ නියෝජ්‍ය නගරාධිපතිවරයාට එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊයේ(21) අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට තිබෙනවා.

නගරාධිපති සුන්දරලිංගම් කාන්දීපන්ට සහ නියෝජ්‍ය නගරාධිපති පරමේෂ්වරන් කාර්තීපන්ට එම තනතුර සඳහා තෝරාගැනීමේ ඡන්ද විමසීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බවත් උප නගරාධිපතිවරයා නගර සභා බල ප්‍රදේශයෙන්
පිටත පදිංචි අයෙක් බවත් එමගින් ඔවුන්ට තනතුරු දැරිම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නගර සභා සභිකයින් වන සිවසුබ්‍රමණියම් ප්‍රේම්දාස් සහ කන්දයියා විජයකුමාර් යන සභිකයින් දෙදෙනා විසින් අභියාචනාධිකරණයේ ගොනුකළ රිට් පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත්කරනු ලැබුවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම විභාගකරනු ලැබූ අතර මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවද විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළා.

2025 ජූලි 01 වැනිදා අභියාචනාධිකරණය වෙත අදාළ පෙත්සම්කරුවන් විසින් පෙත්සම ගොනු කොට තිබෙනවා.

මහ නගර සභාවේ බහුතර ආසන ප්‍රමාණයක් කිසිදු පක්ෂයක් ජයග්‍රාහණය නොකිරීම මත සභිකයින් අතර ජන්ද විමසීමකින් නගරාධිපති හා නියෝජ්‍ය නගරාධිපති තෝරාපත් කරගනු ලැබුවා.

නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ජන්ද විමසීමේදී වවුනියාව නගරාධිපතිවරයා සභික ජන්ද 11ක් ලබාගෙන නගරාධිපති වශයෙන් තේරී පත්වූ අතර ඔහු හා තරගවැදුණු අනිත් අපේක්ෂකයා සභික ඡන්ද 10 ලබාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51