ජාතික ශිෂ්‍යභට බලකායේ විසිරයාමේ පෙළපාලිය සාර්ථකව නිමාවෙයි

2025 වසර සඳහා ජාතික ශිෂ්‍යභට බලකායේ හර්මන් ලූස් සහ ද සොයිසා අභියෝගතා කුසලාන සඳහා වූ වාර්ෂික තරඟාවලියේ විසිරයාමේ පෙළපාලිය අද (ඔක්තෝබර් 21) දින රන්ටැඹේ පිහිටි ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්වුණා.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහභාගී විය. එහිදී ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් රජිත ප්‍රේමතිලක විසින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. ඉන්පසු පාසල් ශිෂ්‍යභටයින් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත සම්ප්‍රදායික හමුදා උත්තමාචාරයක් පිරිනැමූ අතර, අනතුරුව විචිත්‍රවත් සම්මාන පෙළපාලියක් ද එහිදී පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍යභට පුහුණුව සඳහා වන ප්‍රමුඛතම ආයතනය ලෙස ජාතික ශිෂ්‍ය භට බලකාය, ආරක්‍ෂක අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යන දෙපාර්ශ්වයේම ඒකාබද්ධ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර, එමගින් ජාතියේ තරුණ තරුණියන් සවිබල ගැන්වීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබනවා.

එහිදී උත්සව සභාව ඇමතු මේජර් ජෙනරල් ජයසේකර, මෙරට තරුණ ශිෂ්‍ය ප්‍රජාවගේ චරිතය ගොඩනැගීමේදී ශිෂ්‍යභට පුහුණුවේ ඇති වැදගත්කම පිළිබඳ අවධාරණය කළ අතර, එය විනය සහ නායකත්ව ගුණාංග ඇති කිරීමට මෙන්ම ජාතික සංහිඳියාවට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බව ද අවධාරණය කළා.

විශේෂයෙන්ම ඔහු යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක නියෝජනය කළ පාසල් කණ්ඩායම්වල ක්‍රියාකාරී සහභාගීත්වය පිළිබඳ ස්තූතිවන්ත වූ අතර, ඔවුන්ගේ එම සහභාගීත්වය දිවයිනේ සෑම ප්‍රදේශයකම ජාතික ශිෂ්‍යභට බලකා සාමාජිකයන් අතර පවතින එකමුතුකම සහ සහයෝගීතාවය සංකේතවත් කරන බව ද සඳහන් කරනු ලැබුවා.

තවද, ඉදිරි වසරවලදී ජාතික ශිෂ්‍යභට බලකායේ කඳවුරු සඳහා සහභාගී වන සංඛ්‍යාව වැඩි කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු පවසා සිටියා.

පාසල් ශිෂ්‍ය භටයින් පුහුණු කිරීම සඳහා තම කාලය හා ශ්‍රමය කැප කළ ජාතික ශිෂ්‍යභට බලකා නිලධාරීන්ගේ සහ ගුරුවරුන්ගේ දායකත්වය ද ඔහු බෙහෙවින් අගය කළා.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා අතින් තරඟාවලියේ ජයග්‍රාහකයින් හට කුසලාන සහ සම්මාන පිරිනැමීම ද සිදුකරන ලදි. 2025 වසර සඳහා ජාතික ශිෂ්‍යභට බලකායේ හර්මන් ලූස් අභියෝගතා කුසලානය (පිරිමි අංශය) කුරුණෑගල මලියදේව විද්‍යාලය විසින් දිනා ගත් අතර, ද සොයිසා අභියෝගතා කුසලානය (ගැහැණු අංශය) මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය විසින් දිනා ගන්නා ලැබුවා.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ශිෂ්‍යභටයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51