අඩුම කාලයකින් එවරස්ට් නැග්ග ගුරුවරිය

එවරස්ට් තරණයෙන් අලුත් වාර්තාවක් පිහිටුවීමට හොංකොං කාන්තාවක් සමත්ව සිටියි. ගුරුවරියක වන ඇය ගේ නම ට්සාං යින් හුංය. පසුගිය 23 වැනි දින ඇය මෙම අලුත් වාර්තාව පිහිටුවා ඇත්තේ කෙටිම කාලයකින් එවරස්ට් කඳු මුදුනට ළඟා වූ කාන්තාව ලෙසිනි. 45 වැනි වියෙහි පසුවන ඇය පැය 25කුත් මිනිත්තු 50ක කාලයක් තුළ මූලික කඳවුරේ සිට එවරස්ට් මුදුන වෙත ළඟා වීමට සමත්ව තිබුණාය. මෙයට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ නේපාල ජාතික කාන්තාවක වන ෆුන්ජො ජංග්මු ලාමායි. ඇය මේ සඳහා ගත කර තිබූ කාලය පැය 39 ක් සහ මිනිත්තු 6ක් විය. ෆන්ජෝ එම වාර්තාව පිහිටුවා තිබුණේ 2017 වසරේයි.

සිය ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය අමතමින් ට්සාං පවසා තිබුණේ තමාට විශාල සහනයක් සහ සතුටක් දැනෙන බවයි. ‘නමුත් මට අලුත් වාර්තාවක් පිහිටුවීමට අවශ්‍ය වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ මටම අභියෝගයක් කිරීමටයි’ ඇය සඳහන් කර තිබේ. පසුගිය මැයි 11 වැනිදාද ඇය එවරස්ට් කන්ද නැගීමට උත්සාහයක් දරා තිබුණත් අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඇයට එම උත්සාහය අත්හැර දැමීමට සිදුව තිබිණි. එයින් පසු ඇය නැවත දෙවැනි වරටත් උත්සාහයක් දරමින් මූලික කඳවුරෙන් පිටත්ව තිබුණේ මැයි 22 වැනි දින දහවල් 1.20ට පමණය. පසුදා සවස 3.10ට පමණ ඇය කඳු මුදුන වෙත ළඟා වීමට සමත්ව තිබුණාය.

මේ අතර පසුගිය දිනවල තවත් කිහිප දෙනෙකුද එවරස්ට් වාර්තා පිහිටුවීමට සමත්ව තිබීම විශේෂත්වයකි. එවරස්ට් තරණය කළ වියපත්ම ඇමරිකානුවා ලෙස 75 හැවිරිදි ආතර් මුයර් වාර්තාවක් පිහිටු වූ අතර 46 හැවිරිදි ෂැංග් හොංග් ආසියාවෙන් එවරස්ට් තරණය කළ පළමු අන්ධ පුද්ගලයා ලෙස වාර්තාවක් පිහිටුවූයේය. ඔහු චීන ජාතික කඳු නගින්නෙකි.

සහන් වික්‍රමගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09