අයහපත් කාලගුණයෙන් සිදු වූ මරණ ගණන දෙකක් දක්වා ඉහළට – ගංඟා රැසක ජල මට්ටම් ඉහළට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ මේ වනවිට අයහපත් කාලගුණයෙන් සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එමෙන්ම නිවාස 101කට අර්ධ හානි සිදුව බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරනවා.

මේ අතර අද (20) උදෑසන 6.00න් අවසන් වු පැය 12ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කඩුගන්නාව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, මිලිමීටර් 169ක වර්ෂාපතනයක් එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

පවතින අධික වර්ෂාපතනයත් සමඟ ගංඟා රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, අනුව කැළණි, කළු සහ අත්තනගලු ඔය යන ගංගාවල ද ජල මට්ටම් ඉහළ යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයකදී මුහුණදීමට සෑම දිස්ත්‍රික්කයකටම යුද හමුදා කණ්ඩායම් යෙදවීමට සැලසුම් කර ඇති බව යුද හමුදාව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39