ලූවර් කෞතුකාගාරයෙන් කොල්ල කෑ මිල කළ නොහැකි භාණ්ඩ ලැයිස්තුව මෙන්න

පැරිසියේ ලූවර් කෞතුකාගාරය ඊයේ (19) සිදු වූ මංකොල්ලයේ දී, කොල්ලකරුවන් විසින් මිල කළ නොහැකි කෞතුක ආභරණ අටක් කොල්ල කා ඇති බව අනාවරණය වී තිබෙනවා.

පැරිස් බලධාරීන් පවසන්නේ ඔටුනු, මාල, කරාබු සහ බ්‍රෝච් ඇතුළු අයිතම මෙලෙස කොල්ල කා ඇති බවයි.

ඒවා සියල්ල 19 වන සියවසට අයත් වන අතර, ඒවා ප්‍රංශ රාජකීයත්වයට හෝ අධිරාජ්‍ය පාලකයන්ට අයත් බවයි හෙළිව ඇත්තේ.

ඒ, අනුව තුන්වන නැපෝලියන්ගේ බිරිඳ වන ඉයුජිනි අධිරාජිනියට අයත් ඔටුන්නක් සහ බ්‍රෝච් එකක්,
මාරි ලුයිස් අධිරාජිනියගෙන් මැණික් මාලයක් සහ මැණික් කරාබු යුගළයක්,
මාරිඇමලි රැජිණ සහ හෝර්ටෙන්ස් රැජිණට අයත් නිල් මැණික් ඔටුන්නක්, මාලයක් සහ තනි කරාබුවක්,
“රිලිකුවරි බ්‍රෝච්” ලෙස හැඳින්වෙන බ්‍රෝච් එකක්, කොල්ල කන භාණ්ඩ අතර වනවා.

මේ අතර ඉයුජිනි අධිරාජිනියගේ ඔටුන්න ඇතුළු තවත් අයිතම දෙකක් සිද්ධිය වූ ස්ථානය අසල තිබී හමු වූ අතර, කොල්ලකරුවන් පලා යාමේදී ඒවා දමා ඇති බවයි සැකපළ කරන්නේ.

මේ අතර බලධාරීන් ඒවාට හානි සිදුව තිබේද යන්න පරීක්ෂා කරමින් සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මොනාලිසා ඇතුළු ලොව සුප්‍රසිද්ධ ඓතිහාසික කෞතුක වස්තු රැසක් තැන්පත් කර ඇති පැරිසියේ ලූවර් කෞතුකාගාරය ඊයේ (19) මංකොල්ල කෑමත් සමග එම කෞතුකාගාරය වසා දැමීමට එහි බලධාරීන් කටයුතු කළා.

කෞතුකාගාරය විවෘත කළ අවස්ථාවේ මංකොල්ලය සිදුව ඇති බවත්, විනාඩි 04ක් තුළ මංකොල්ලය සිදුකර මංකොල්ලකරුවන් පළා ගොස් ඇති බවයි අනාවරණය වුණේ.

  1. අන්‍ය ආගමික ජනතාව ගේ පෞරාණික ඉතිහාසය හා ඇති සියලුම සාක්ෂි කරමින් එම ජනතාව සංහාරය කරමින් ගෝලීය අන්තවාදී ත්‍රස්තවාදී ඉස්ලාමීය කරණයට ගෙන යන මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය සැඟවීමේ ප්‍රති විපාක ප්‍රංශය විදිමින් ඇත. ලංකාවේ පාලකයින්ට මෙය හොද පාඩමක් හා උදාහරණකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30
Video thumbnail
පොලිස්පති ගැන කළ ප්‍රකාශයට සාගරට වැඩ වරදියිද ?මහමඟ ඝා#නය කිරීම ගැන ඉඟියක් දෙන්නේ ?
02:36
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපතිට කැබිනට් මාධ්‍ය හමුවෙදි දුන් පිළිතුර - දන්නේ නෑ කියන්න බෑ - එයාලා සාකච්ඡා කරපුවා
13:13
Video thumbnail
ඒකාධිපති පාලනයකට රට ගෙනියන්න හදන්නේ
07:18