ඉන්දියාවට ඕස්ට්‍රේලියාව ඉදිරියේ පළමු තරගයෙන්ම අමිහිරි පරාජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරග ජයගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (19) සමත් වුණා.

පර්ත් හි පැවති මෙම තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඕස්ට්‍රේලියාව ජයගත්තේ කඩුලු 07කින්.

තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායකයාගේ ආරාධනයෙන් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන්නා.

මෙම තරගයේ දී හිටපු නායක රෝහිත් ශර්මා සහ විරාට් කෝලි කලකට පසු ඉන්දීය කණ්ඩායමට එක්ව සිටියා.

ඔවුන් දෙදෙනාට ලකුණු අතරට පිවිසීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබානොදුන් අතර, රෝහිත් ශර්මාට රැස්කර ගත හැකි වූයේ ලකුණු 08ක් පමණයි.

විරාට් කෝලිට ලකුණු ලබාගැනීමට පෙර ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට මිචෙල් ස්ටාර්ක්ට හැකියාව ලැබුණා.

තරගයේ ඉන්දීය ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව එක් ඉනිමක් පන්දුවාර 26කට සීමා වුණා.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායම පන්දුවාර 26 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 136ක් රැස් කළා.

කඩාවැටී තිබූ ඉන්දීය ඉනිම යම්තාක් ඉහළට ඔසවා තබන්නට කේ.එල් රාහුල් සහ අක්ෂාර් පටෙල් කටයුතු කළේ පිළිවෙලින් ලකුණු 38ක් සහ 31 බැගින් රැස්කරමින්.

පන්දු යැවීමේ දී මැතිව් කුහ්නමන්, මිචෙල් ස්ටාර්ක් සහ ජොෂ් හේසල්වුඩ් ඉන්දීය කඩුලු 02 බැඟින් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 137ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානුවන් එම ඉලක්කය පන්දුවාර 21යි එක් පන්දුවක් තුළ කඩුලු 03ක් පමණ දැවී පසුකර ගියා.

එහිදී නායක මිචෙල් මාෂ් නොදැවී ලකුණු 46ක් රැස්කළ අතර, ජොෂ් පිලිප් ද නොදැවී ලකුණු 37ක් රැස්කරමින් ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණය තහවුරු කළා.

ඒ, අනුව පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයගත් ඕස්ට්‍රේලියාව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස පෙරමුණ ගත්තා.

මෙම තරගය ශුබ්මන් ගිල් ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකත්වයට පත්ව මෙහෙය වූ පළමු තරගය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16