සෙව්වන්දිට නවාතැන් දුන් මතුගම කාන්තාව රිමාන්ඩ් (වීඩියෝ)

ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට ඝාතනය සිදුකිරීමෙන් පසු සැඟව සිටීමට නවාතැන් දුන් මතුගම ප්‍රදේශයේ නිවසේ හිමිකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.,

සැකකාරිය අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුවරුව නියෝග කර ඇත්තේ ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

අදාළ කාන්තාව කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ.

52 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව සැකකාර ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් මතුගම, වැලිපැන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.