හන්තාන කන්ද නැග්ග පිරිසකට බඹර ප්‍රහාරයක් – අතරමංව සිටි පිරිස බේරගන්න මෙහෙයුමක්

හන්තාන කන්ද තරණය කරමින් සිටි තරුණ පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව අතරමංව සිටිය දී පොලිසිය සහ යුද හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමක දී මුදාගැනීමට හැකිව තිබෙනවා.

එහිදී බඹර ප්‍රහාරයට ලක්ව අසාධ්‍යව සිටි තරුණයන් තිදෙනෙක් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

කොළඹ ප්‍රදේශයේ අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන සිසුන්පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස ඊයේ (18) පෙරවරුවේ හන්තාන කන්ද තරණය කර ඇති අතර, කන්ද ඉහළම කොටසේ සම්ප්‍රේක්ෂණ කුළුණු ආසන්නයේ දී ඔවුන් බඹර ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

බඹරුන්ගේ ප්‍රහාරවලින් බේරීම සඳහා කන්දේ ඒ මේ අත දිවයාමෙන් අධික මීදුමත් වර්ෂාවත් හේතුවෙන් ඔවුන් කන්ද තුළ අතරමං වී ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ඔවුන් 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට සිදුවීම දැනුම්දීමෙන් අනතුරුව පොලිසිය සහ හමුදාව එක්ව ඔවුන්ව සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

දීර්ඝ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව රාත්‍රී 9.00ට පමණ හන්තාන ඉහළම කොටසේ සම්ප්‍රේෂණ කුළුණු ආසන්නයේ සිටියදී ඔවුන් සොයාගත් බව පොලිසිය පැවසුවේ.

එලෙස සොයාගත් පිරිස අතර බඹර ප්‍රහාරයෙන් අසාධ්‍යව සිටි තිදෙනෙකු රෝහල් ගත කිරීමටයි කටයුතු කර තිබුණේ.
.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?