පුතාට වායු රයිෆලයකින් වෙඩි තැබූ පියා අත්අඩංගුවට – 17 හැවිරිදි පුතා රෝහලේ

බහින් බස්වීමක් දුර දිග යාමෙන් අනතුරුව තම පුතාට වායු රයිෆලයකින් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් පල්ලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඊයේ (18) රාත්‍රී 10.00ට පමණ ආණමඩුව, ආඩිගම, කඩයන්දළුව ප්‍රදේශයේ දී මෙම සිද්ධිය සිදුව ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇති වයස අවුරුදු 17ක තරුණයෙක් ප්‍රතිකාර සදහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා.

ඊයේ (18) රාත්‍රී කාලයේ පියා සහ පුත්‍රයා අතර ඇති වූ ආරවුලකින් පසු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

මොවුන් දෙදෙනා අතර නිරන්තරයෙන් ආරවුල් හටගන්නා බවට ද තොරතුරු අනවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර පියා ආණමඩුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16