පොල්ගොල්ල ජලාශයේත් වාන් දොරටු 04 ක් විවෘත කෙරේ

තත්පරයකට ඝණ අඩි 5190 බැගින් වූ ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශයට මුදාහැරිමින් පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කිරීමට පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය පියවරගෙන තිබෙනවා.

මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ ආශ්‍රිතව පවතින අධික වැසි හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනයට මෙසේ අද (18) දිනයේදී වාන් දොරටු 04 ක් විවෘත කළ බවට එම කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?