බලශක්ති ක්ෂේත්‍රයේ අභිවෘධිය වෙනුවෙන් රුසියාවට ගිය බලශක්ති ඇමති

දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සබඳතා වර්ධනය කරගැනීම අරමුණු කරගනිමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි “රුසියානු බලශක්ති සතිය 2025” සඳහා සහභාගි වී තිබෙනවා.

පසුගිය 15, 17 දිනවල රුසියාවේ මොස්කව් නුවර පැවති රුසියානු බලශක්ති සතිය සදහා අමාත්‍යවරයාගේ සහභාගීත්වය ශ්‍රී ලංකාව හා රුසියානු සමූහාණ්ඩුව අතර ද්විපාර්ශික සබඳතා වර්ධනය කරගැනීමත්, විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ නව අවස්ථා හා එකගතා වර්ධනය කරගැනීමත් අරමුණු කරගනිමින් සිදුවුණා.

මීට සමගාමීව රුසියානු සමූහාණ්ඩුවේ බලශක්ති අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නියෝජිතයන් ද හමුවී සාකච්ඡා කිරීමට අමාත්‍යවරයාට අවස්ථාව හිමි වී ඇති අතර තවද සමුළුවේ සුවිශේෂි අංගයක් වූ “තිරසාර සංවර්ධන අරමුණු හා බලශක්තිය” යන මැයෙන් පැවති විද්වත් සාකච්ඡාව සදහා ආරාධිතයෙක් ලෙස ද අමාත්‍ය කුමාර ජයකොඩි එක් වී තිබෙනවා.

එහිදී ඉදිරි බලශක්ති අරමුණු ජයගැනීම පිළිබදව මෙන්ම පුනර්ජනනීය බලශක්ති භාවිතය සදහා වන ඉදිරි වැඩපිළිවෙලද විස්තර කරමින් අමාත්‍යවරයා කරුණු දැක්වීමක් සිදුකර ඇති අතර පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ නව තාක්ෂණ විධික්‍රම භාවිතය බලශක්ති කාර්යක්ෂමතාව මෙන්ම අදාළ දැනුම හුවමාරුව ඇතුළු කරුණු රැසක් ඉස්මතු කරමින් මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

එමෙන්ම අමාත්‍යවරයා මෙරට බලශක්ති සංක්‍රාන්ති වැඩපිළිවෙල පිළිබදව පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය, බලශක්ති සුරක්ෂිතතාවය හා තිරසර සංවර්ධනය පිළිබදව කරුණු දක්වමින්ද ඒවා සාක්ෂාත් කරගැනීම සදහා ලොව ප්‍රමුඛතම බලශක්ති සැපයුම්කරුවෙක් හා නවෝත්පාදන ප්‍රමුඛයෙක් ලෙස රුසියානු සමූහාණ්ඩුවේ සහයෝගය අපේක්ෂා කරන බවද ප්‍රකාශ කර තිබෙනවා.

රාජ්‍ය නායකයන්, අන්තර්ජාතික විශේෂඥයන්, ආයෝජකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් එක් රැස්වී බලශක්ති ක්ෂේත්‍රයේ අනාගත අභියෝග හා ඒවා ජයගැනීම සදහා ක්‍රමවේද, විසදුම්, යෝජනා සාකච්ඡා කෙරෙන රුසියානු බලශක්ති සතිය බලශක්ති සුරක්ෂිතතාවය නවෝත්පාදන හා තිරසර භාවිතය පිළිබදව වන ලොව ප්‍රමුඛතම සමුළුවක් ලෙස සැලකෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51