මෙම වසරේ ඔක්තෝබර් 15 වනදා වනවිට විදෙස් සංචාරකයින් 1,801,151ක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
මේ අතර එම අධිකාරියේ සංචාරකයින් පිළිබඳ නවතම සංඛ්‍යාලේඛන අනුව මෙම මාසයේ මුල් දින 15 තුළදී පමණක් සංචාරකයින් 75,657ක් දිවයිනට පැමිණ තිබෙනවා.
2025 වසරේ ඔක්තෝබර් 15 දක්වා කාලය තුළ වැඩිම සංචාරකයින් සංඛාවක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව දැක්වෙන්නේ 396,274ක් ලෙසයි.
එමෙන්ම එක්සත් රාජධානියෙන් සංචාරකයින් 167,886ක්, රුසියාවෙන් සංචාරකයින් 125,950ක්, ජර්මනියෙන් සංචාරකයින් 111,677ක්, චීනයෙන් සංචාරකයින් 108,040ක් මෙම කාලය තුළ දිවයිනට පැමිණ තිබෙනවා.
ඊට අමතරව ප්‍රංශය, ඇමරිකාව, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව වන රටවලින් ද මෙම කාලය තුළ ඉහළ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.
මේ අතර 2024 වසර තුළ ලක්ෂ විස්ස ඉක්ම වූ සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.















