දිවයිනට පැමිණ ඇති සංචාරකයින් ගණන ලක්ෂ 18 ඉක්මවයි

මෙම වසරේ ඔක්තෝබර් 15 වනදා වනවිට විදෙස් සංචාරකයින් 1,801,151ක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මේ අතර එම අධිකාරියේ සංචාරකයින් පිළිබඳ නවතම සංඛ්‍යාලේඛන අනුව මෙම මාසයේ මුල් දින 15 තුළදී පමණක් සංචාරකයින් 75,657ක් දිවයිනට පැමිණ තිබෙනවා.

2025 වසරේ ඔක්තෝබර් 15 දක්වා කාලය තුළ වැඩිම සංචාරකයින් සංඛාවක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව දැක්වෙන්නේ 396,274ක් ලෙසයි.

එමෙන්ම එක්සත් රාජධානියෙන් සංචාරකයින් 167,886ක්, රුසියාවෙන් සංචාරකයින් 125,950ක්, ජර්මනියෙන් සංචාරකයින් 111,677ක්, චීනයෙන් සංචාරකයින් 108,040ක් මෙම කාලය තුළ දිවයිනට පැමිණ තිබෙනවා.

ඊට අමතරව ප්‍රංශය, ඇමරිකාව, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව වන රටවලින් ද මෙම කාලය තුළ ඉහළ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.

මේ අතර 2024 වසර තුළ ලක්ෂ විස්ස ඉක්ම වූ සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18