නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක ධීවර යාත්‍රාව ගාල්ලට රැගෙන එයි (වීඩියෝ)

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේ දී සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර රැගත් බහුදින ධීවර යාත්‍රාව මේ වනවිට ගාල්ල වරාය වෙත රැගෙන විත් තිබෙනවා.

අද (17) දහවල් 12.30ට පමණ මෙම යාත්‍රාව ගාල්ල ධීවර වරාය වෙත රැගෙන ආ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩ් බුද්ධික සම්පත් පැවසුවේ.

මෙම ධීවර යාත්‍රාව සමඟ එහි සිටි මෙරට ධීවරයින් පස්දෙනෙක් ද අත්අඩංගුවට ගැනුණු බවයි නාවික හමුදාව සඳහන් කළේ.