රියදුරු බලපත්‍ර මුද්‍රණයට අලුතින් කාඩ්පත් මිලියනයක්

මේ වනවිට ලක්ෂ 03කට අධික රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට පවතින බවත් එම ප්‍රමාණය ඉදිරි මාස 3 තුළ මුද්‍රණය කර නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යාංශ නිලධාරීන් පවසනවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ බව සඳහන්කර සිටියා.

එමෙන්ම අමාත්‍යාංශ නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ ආරක්ෂිත විශේෂාංග වැඩිකොට සකස් කළ නව රියදුරු බලපත්‍රය ද මේ වසරේදී මුද්‍රණය කර නිකුත් කරන බවයි.

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් මිලියනයක් ලබාගැනීමට ද සියලු කටයුතු සම්පාදනය කර අවසන් බව එහිදී ඔවුන් කාරක සභාවට දන්වා සිටියා.

නිකුත් කිරීමට පවතින රියදුරු බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීම සඳහා ඒවා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍රයක් සෑම පළාතකම ස්ථාපිත කිරීමට ද මෙහිදී කාරක සභා සභාපතිවරයා, නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

එමෙන්ම වාහන අංක තහඩු නිකුත් කිරීම පිළිබදව එහිදී ඔහු නිලධාරීන්ගෙන් කරුණු විමසීමක් කළා.

ඒ අනුව මේ වනවිට ඒ සඳහා සැපයුම්කරුවෙක් තෝරාගැනීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතර අමාත්‍ය මණ්ඩල අනුමතියෙන් පසුව ‍එම ක්‍රියාවලිය අවසන් කර අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ හැකි බව නිලධාරීන් කාරක සභාවට පවසා සිටියා.

තවද දැනට ක්‍රියාත්මක මගී ප්‍රවාහනය සම්බන්ධ ඒකාබද්ධ කාලසටහන පිළිබඳවද මෙහිදී සාකච්ජාවට ලක් කර තිබෙනවා.

ඒකාබද්ධ කාලසටහන ක්‍රියාත්මක කිරීම ප්‍රතිපත්තියක් බැවින් එහි පවතින අඩුපාඩු හඳුනාගෙන වඩාත් කාර්යක්ෂම සේවයක් මගීන්ට ලබාදීමට ඉදිරියේදී තවත් ප්‍රදේශවලට මෙය හඳුන්වාදීමට සුදානම් බව කාරක සභා සභාපතිවරයා අදහස් දක්වමින් පැවසුවා.

එහිදී ඔහු දුම්රිය මාර්ගවලදී අලි ඇතුන්ට සිදුවන අනතුරු අවමකර ගැනීමේ නියමු වැඩසටහනක් පිළිබඳව කරුණු ඉදිරිපත් කළා.

ඒ අනුව රුපියල් මිලියන 2.8ක මුදලක් වැය කරමින් මඩකලපුව මාර්ගයේ ධාවනය වන දුම්රිය සඳහා දුර පෙනෙන තාක්ෂණය සහිත කැමරා සවි කිරීමට කටයුතු කරන බව ද පැවසුවා.

ඒ ඔස්සේ වන අලි දුම්රියේ ගැටීම් අවම කරගැනීමට පවතින අවස්ථාව පිළිබඳව නිරීක්ෂණය කරන බව කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ප්‍රදේශවල පවතින ගැටලු හා ඒවාට අවශ්‍ය විසදුම් පිළිබඳව ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56