සංචාරක සමය වෙනුවෙන් පහසුකම් නැංවීමට වැඩසටහන් රැසක්

ඉදිරි සංචාරක සමය ඉලක්ක කර ගනිමින් සංචාරකයන්ගේ පහසුකම් නැංවීමට රජය වැඩසටහන් රැසක් සැලසුම් කර තිබෙනවා.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට අවශ්‍ය කඩිනම් තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කරන ලද විශේෂ කාර්යසාධක බලකාය දෙවන වරට ඊයේ (14) ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.

ඒ අනුව, සංචාරකයන්ට වීසා ලබා ගැනීම පහසු කිරීම සහ විද්‍යුත් සංචාරක අවසර පත්‍ර (ETA) ලබා දීමට අදාළ කරුණු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, සංචාරකයන් මෙරටට පැමිණිමේදී ගුවන් තොටුපොළේදී ඇති වන තදබදය අවම කර ගැනීම සඳහා කවුන්ටර වැඩි කිරීම සහ සංචාරකයන් විවිධ ස්ථාන නැරඹීමට යාමේදී ප්‍රවේශ පත්‍ර ලබා ගත යුතු ස්ථානවලදී එම ප්‍රවේශ පත්‍ර Online ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් සැලසීම ආදිය පිළිබඳවද සාකච්ඡා ලක්ව තිබෙනවා.

සංචාරකයන් සහ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා ඇතුළු පිරිසක් සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළ ආයතනවල ප්‍රධානීන්ද, සංචාරක ක්ෂේත්‍රය නියෝජනය කරමින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්හි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර, EKHO හෝටෙල්ස් සහ රිසෝට්ස් හි උප සභාපති නිහාල් මුහන්දිරම් යන අය ඇතුළු නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48