තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් බතීගම රෝහලට ඇතුළත් කිරීමේදී මියයාමේ පුවතක් ඊයේ (14) දික්වැල්ල පොලිස් වසමෙන් වාර්තා වුණා.
ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා, තවත් පුද්ගලයින් දෙදෙනෙක් සමඟ මත්පැන් පානය කරමින් සිටින අතරතුර එම පුද්ගලයින් දෙදෙනාගෙන් අයෙක් සමඟ ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 58 ක් වූ කුරුඳුහේන, දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අපරාධයට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දික්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1
2





